පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලා ගනී
March 29, 2019 08:01 am
කොබෙයිගනේ පොලිස් වසමේ වීතිකුලිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන මියගොස් ඇත.
ඊයේ (28) නිවසක කාමරයක් තුළ වහලේ පරාලයක ගැටගැසූ සල්වාරි සාරි පොටක ආධාරයෙන් මෙම ශිෂ්‍යාව ගෙල වැලලාගෙන ඇති බවට කොබෙයිගනේ පොලීසියට තොරතුරු ලැබී ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් වූ පාසල් ශිෂ්‍යාවකි.
මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දින සිදු කිරීමට නියමිතය.
දිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් මතු වූ සිත්තැවුලක් බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කොබෙයිගනේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
