අයවැය තෙවන වර කියවීමේ 11 වන දිනය අදයි
March 26, 2019 10:23 am
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි.
ඊයේ(26) දිනයේ දී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ විවාදයන් පැවැත්වුණි.
එහිදී මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පලවීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක් ඇති වුණි.
මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පිහිටුවා නොමැති සිංගප්පූරු සමාගමකට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර ඊට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පිළිතුරු ලබාදීමත් සමඟ මෙලෙස උණුසුම් කතාබහක් ඇති වුණි.