වල්ලපට්ටා ඇතුළු ඖෂධ ශාක 33ක් වගා කිරීමේ ව්‍යපෘතියක්

වල්ලපට්ටා ඇතුළු ඖෂධ ශාක 33ක් වගා කිරීමේ ව්‍යපෘතියක්

March 17, 2019   07:58 am

 

වල්ලපට්ටා ඇතුළු දේශීය ආයුර්වේද ශාක 33 ක් සම්බන්ධයෙන් පර්යේෂණ කර එම ශාක ලංකාව තුල වැඩි වශයෙන් වගා කර විදේශිය ඖෂධ ආනයනය සීමා කිරීමේ වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරනු ලැබ තිබේ.

අපයන කෘෂිකර්ම දෙපාර්තමේව්තුවේ පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා සඳහන් කළේ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්  දේශිය ශාක 33 ක් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන බවයි.

මෙම දේශිය ශාක අතරට වල්ලපට්ටා සමඟ, අමුක්කරා, අසමෝදගම්,ඉඟුරු පියලි,ඉරමුසු,ඔල් ස්පයිස්,කටු අනෝදා, කටුපිල, කටුවැල්බටු, කරපිංචා, කොතාලහිඹුටු, කොත්තමල්ලි කෝමාරිකා,  ගස් පෙනෙල, තිප්පිලි, තෙබු, තෙල් එඩරු,දුම්මැල්ල නෙල්ලි, පාමරෝසා, පාවට්ටා, පැචෝලි ,පැණි පලා, බිංකොහොඹ, මස්බැද්ද, මින්චි, මිණීමල් ලුණුවිල, සාරණ, සැවන්දරා, සියඹලා සහ හීන් අරත්ත යන ඖෂධ ශාක ඇතුලත් වන බව ධර්මපරාක්‍රම මහතා කීය.

මෙම ශාක සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර බීජ පැල සකස් කර ඇති බවත් යම් කිසි ගොවි මහතෙකු පැල නිෂ්පාදනය කිරීම සඳහා වගා ආදර්ශණයක්  වශයෙන් මෙම ඖෂධ ශාක වර්ග වගා කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය  උපදෙස්  තාක්ෂණික සහාය ඇතුළු පැලද ලබා දිය හැකි බවත් , විශාල වශයෙන් වගා කිරීමට  ඉදිරිපත් වන ගොවි මහතුන් සඳහා අවශ්‍ය උපදෙස් තාක්ෂණික සහාය ලබා දීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය සූදානමින් සිටින බවත් පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා තව දුරටත් කීය.