බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය යයි
February 25, 2019 11:04 am
පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ පැරණි නිවසක් කඩා ඉවත් කරමින් සිටි පුද්ගලයකු මතට එහි බිත්තියක් කඩා වැටීමෙන් අද (25) උදැසන ඔහු මියගොස් ඇත.
අසළ තිබූ ගිනිසීරියා ගසක් මෙම පැරණි නිවස මතට වැටීම හේතුවෙන් බිත්තිය අදාල පුද්ගලයා මතට වැටී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක අවිවාහක පුද්ගලයෙක්.
සිද්ධිය පිළිබද පරීක්ෂණ පැවැත්වීම සඳහා පාදුක්ක හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය නන්දසේන පන්නපිටිය මහතා පැමිණ ඇති අතර පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වන්නේය.