සයුරෙන් එතෙර

රූ රැජිණ කිරුළ සිව්වන වරටත් පිලිපීනයට

February 22, 2019   05:40 pm

රූ රැජිණ තරග සඳහා අතිශය උනන්දුවක් පවතින පිලිපීනය සිව් වන වරටත් විශ්ව රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමට සමත් විය.

විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳි  පිලිපීනයේ  කැට්‍රියෝනා ග්‍රේ (Catriona Gray)  පිළිගැනීම වෙනුවෙන් මෙම දැවැන්ත පා ගමන පවත්වා තිබුණේ පිලිපීනයේ මැනිලා අගනුවරයි.

එම අවස්ථාවට එරට වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් ඒකරාශී වී සිටි අතර ඔවුන් ඇයව මහත් හරසරින් පිළිගත් අයුරුයි මේ.

ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස්හිදී උපත ලබා ඇති 24 හැවිරිදි කැට්‍රියෝනාගේ පියා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර මව පිලිපීන කාන්තාවක්.

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණු ඇය පසුව මෝස්තර නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීම සඳහා පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබේ.

ඇය පිලිපීනයේ රූ රැජිණ කිරුළ දිනා ගත් අතර මේ වන විට ඇය විශ්ව රූ රැජිණ ලෙස සමස්ත පිලිපීනයේ පමණක් නොව ලෝකයේ ම අවධානය දිනාගෙන සිටියි.

පිලිපීනය තුළ රූ රැජිණ තරග අතිශයින් ජනප්‍රියයි.

පාසල්, ගම්මාන, නගර ආශ්‍රිතව පවා රූ රැජිණ තරග පවත්වන අතර ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලැබීම එරට ඉමහත් ගෞරවයට පාත්‍ර වීමට හේතු වන විදෙස් වාර්තා සඳහන් වෙයි.