අඩි 10 ක් දිග ජීවිතයක්

February 1, 2019   08:46 am

ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ ඉඩමක සිටි අඩි 10 කට ආසන්න දැවැන්ත පිඹුරේකු පුත්තලම වන ජීවි පාලන එකකය මඟින් අල්ලාගෙන සෙල්ලන්කන්දල් රක්ෂීතයට මුදා හැරිමට කටයුතු කර තිබේ.

මේ සඳහා වන ජීවී පාලන ඒකකයේ ප්‍රධානි ඩබ්ලියු .එම් .කේ.බි.එන්. බංඩාර මහතා සහ කණ්ඩායමක් සහය වී ඇත.

ආණමඩුව කොට්ටුකච්චිය කිවුල කටුව ප්‍රදේශයේ දැවැන්ත පිඹුරේකු සිටින බවට වන ජීවි නිලධාරින්ට කළ දැනුම් දිමකින් පසුව අදාල ඉඩමට පැමිණ මෙම දැවැන්ත පිඹුරා අල්ලා ගත් බව වන ජීවි නිලධාරින් පවසයි.

අල්ලා ගත් පිඹුරා යහපත් තත්ත්වයෙන් සිටි බවත් මේ ප්‍රමාණයට සමාන තවත් පිඹුරකු මෙයට පෙර නවගත්තේගම ප්‍රදේශයෙන් හමු වී තිබු බව වනජීවි නිලධාරින් පවසයි.