මත්ද්‍රව්‍ය කිහිපයක් සමඟ විදෙස් කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට
January 22, 2019 07:55 am
හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදි සැකකාරියන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 115ක් හා හෂීස් මිලිග්‍රෑම් 990ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි සහ 32 හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු වන අතර ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
