සිංහරාජ වනෝද්‍යානය දෙකඩ විමේ අවදානමක් ?

සිංහරාජ වනෝද්‍යානය දෙකඩ විමේ අවදානමක් ?

January 9, 2019   07:32 am

සිංහරාජය වනෝද්‍යානයට අයත් ලංකාගම - කැකුනඇල්ල මාර්ගය සංවර්ධනය කරන මුවාවෙන් විශාල වන සංහාරයක් සිදු වෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකදවල රාහුල හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ මෙම මාර්ගය  සංවර්ධනය කිරිම මගින් සිංහරාජ වනෝද්‍යානය දෙකඩවිමේ අවදානමක් පවතින බවයි.

මේ පිළිබඳ අද දෙරණ ප්‍රවෘත්ති අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසර සංරක්ෂණ හා කළමනාකරණ අංශයේ වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළේය.

එහිද ඔහු සඳහන් කළේ එම මාර්ගය සංවර්ධනය කිරිම මගින් කිසිදු පරිසර හානියක් සිදු නොවන බවයි.