උදුවප් පුර පසළොස්වක පෝය අදයි

උදුවප් පුර පසළොස්වක පෝය අදයි

December 22, 2018   07:00 am

උදුවප්පුර  පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසලොස්වක පෙහො දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙයි.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනකයි.

මෙරට මෙහෙණි සස්න ආරම්භවිම ද උදුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අද(22) සිට ආරම්භ වෙයි.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වෙයි.

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදාතුක කරණඩු සහ සුමන සමන් දේව ප්‍රතිමා පෙරහැර මාර්ග තුනක් ඔස්සේ අද අළුයම ශ්‍රී පාද මළුව කරා වැඩම කරවිම සිදු කෙරුණි.

මේ අතර උදුවප්පුර පසලෝස්වන පොහොය දිනය නිමිත්තෙන් එෆ්.එම් දෙරණ අසපුව පොහොදා සජීවි වැඩසටහන අද දිනයේ කැස්බෑව නිවුන්ගම ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වෙයි.

සීල සමාදානය, ධර්ම දේශන, ධර්ම සාකච්ඡා මෙන්ම පස්වරුවේ ආශිර්වාද බෝධි පූජා පිංකම ද මෙහිදී පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මනුසත් දෙරණ සමාජ සත්කාරය මෙහෙයවිමෙන් සාමණේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද අද දිනයේ කැස්බෑව නිවුන්ගම ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී සිදු කිරිමට නියමිතයි.