මරදාන හැඩකළ කෝලම්...

මරදාන හැඩකළ කෝලම්...

January 15, 2026  

Bookmark and Share
තෛපොංගල් උත්සවය වෙනුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ ආලින්දය කෝලම් රටාවලින් සරසා තිබුණි.

දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ මදුෂ් ගුණවර්ධන මහතා විසින් වෛවර්ණ භාවිත කරමින් මෙම කෝලම් රටා ඇඳ හැඩකළ බව සඳහන් වේ.

මෙම සියලුම නිර්මාණ කටයුතු සඳහා මරදාන දුම්රිය ස්ථාන අධිකාරි එච්.පී.කේ. පුෂ්පකුමාර මහතාගේ මඟ පෙන්වීම සහ දුම්රිය ස්ථාන සේවකයන්ගේ සහාය ලැබී තිබේ.