ආශිර්වාදය...
January 1, 2026
උදාවූ 2026 නව වසර රටටත් නිවසටත් සාමය, සමාදානය සහ සහජීවනය ගෙන දේවා යැයි ප්‍රාර්ථනා කරමින් වතුකරයේ හින්දු කෝවිල්වල අද අලුයම විශේෂ පුජා පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රසිද්ධ කෝවිලක් වන හැටන් ශ්‍රී මාණික්කපිල්ලයාර් කෝවිලේදී ද නව වසර නිමිත්තෙන් විශේෂ පූජාවක් පැවැත්විණි.
මෙහිදී ගණ දෙවි පූජා, විශේෂ අලංකාර පූජා මෙන්ම සූර්ය සහ චන්ද්‍ර වන්දනාමාන ද ඉතා භක්තියෙන් යුතුව සිදු කෙරිණි.
රටටත් රටේ ජනතාවටත් සිදුවී ඇති විපත් දුරුවී, මෙම නව වසර සුබ වසරක් වේවායි මෙහිදී විශේෂ ප්‍රාර්ථනාවන් සිදු කරන ලදී.
හැටන් සහ ඒ අවට ප්‍රදේශවල විශාල ජනකායක් මෙම පූජාවන්ට සහභාගී වී සිටියහ.
කෝවිලේ ප්‍රධාන පූජක සිව ශ්‍රී සර්ගුණ ශන්මුගධර කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පූජා කටයුතු සිදු කෙරිණි.