ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නැවක් කොළඹට...

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නැවක් කොළඹට...

March 1, 2025  

Bookmark and Share
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ‘ASAHI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (01) උදෑසන කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘ASAHI’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැව් කාර්යමණ්ඩලය 202ක ගෙන් සමන්විතය. මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Shota TAKASHIRO කටයුතු කරනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැවේ කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇත.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මෙම නෞකාව අනිද්දා (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.