නුවරඑළියේ යන අය පරිස්සමින්...

නුවරඑළියේ යන අය පරිස්සමින්...

January 2, 2025  

Bookmark and Share
නුවරඑළිය ප්‍රදේශයට අද (02) උදෑසන සිට ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල සිට නානුඔය දක්වාත්, ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ සිට නුවරඑළිය දක්වා රථ වාහන ධාවනය කිරීමේ දී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නුවරඑළිය දිස්ත්‍රික්කයට තරමක අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අතර, ප්‍රදේශය පුරා අඳුරු කාලගුණ තත්ත්වයක් හටගෙන ඇත.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ