කොළඹට ආ අමුත්තා...

කොළඹට ආ අමුත්තා...

December 28, 2024  

Bookmark and Share
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකාව අද (28) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

දිගින් මීටර් 90.71 ක් හා 120 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකගෙන් නෞකාව සමන්විත වන බව නාවික හමුදාව පැවසීය.

නෞකාව මෙරට රැඳී සිටින කාල සීමාව තුළදී දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට එක්වීමට නියමිත අතර නෞකාව යළි ලබන 30 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.