ජපානයෙන් ආ අමුත්තා....
November 17, 2024
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
අද (17) උදෑසන කොළඹ වරායට ළඟා වූ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන ඇත.
දිගින් මීටර් 151ක් හා 199 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් යුත් ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකා නෞකාව ලබන 19 වැනිදා තෙක් මෙරට රැදී සිටීමට නියමිතය.
එම කාලසීමාව තුළ නෞකා කාර්යය මණ්ඩලය මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව පැවසීය.
එමෙන්ම ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකා නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතව තිබේ.