සොබාදම් මාතාවට පණ දුන් යුද හමුදාව...

සොබාදම් මාතාවට පණ දුන් යුද හමුදාව...

October 16, 2024  

Bookmark and Share
යුද හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව යුද හමුදාපතිවරයාගේ සංකල්පයක් මත පැළ 75,000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් සිදුකර තිබේ.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් යුද හමුදා මුලස්ථාන පරිශ්‍රයේ 'රත් හඳුන්' පැළයක් රෝපණය කරමින් සමාරම්භය සනිටුහන් කර තිබුණි.

සියලුම යුද හමුදා ආරක්‍ෂක සේනා ආවරණය වන පරිදි ආරක්ෂක සේනා, බලසේනා මූලස්ථානයන් හා ඒකක ආවරණය වන පරිදි පැළ 37,365ක් සිටුවීම සිදුකළ අතර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා විවිධ පරිසර ක්‍රියාකාරීන් විසින් ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදී ඇත.

රාජ්‍ය දැව සංස්ථාවේ සම්පත් දායකත්වයෙන් ලබාදෙන ලද පැළ 2,500 ක් ගාල්ල, කරන්දෙණිය, වැලිකන්ද, කන්දකාඩු, ඉරණමඩු, මුලතිව් හා වව්නියාව ප්‍රදේශයන්හි පාසල් 25කට අධික ප්‍රමාණයක සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් රෝපණය කර තිබුණි.

කුරුදු පැළ 15,000ක ප්‍රමාණයක් යුද්ධ හමුදා ගොවිපොල කොහිලවගුරවත්ත කඳවුරු භූමියේද, TEJC අඔ පැළ 1,500 ක ප්‍රමාණයක් ද ඉරණමඩු හා ආඩියාපුලියන්කුලම යුධ හමුදා ගොවිපොලෙහිද රෝපණය කර තිබේ.