ජීවිත බේරාගැනීමේ මෙහෙයුම...

ජීවිත බේරාගැනීමේ මෙහෙයුම...

October 14, 2024  

Bookmark and Share
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද්ධ හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා විය.

ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇත.

මල්වාන - යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)

කටුගොඩ - යුද හමුදා කණ්ඩායමක්

වටරැක - යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)

සිතාවක - යුද හමුදා කණ්ඩායමක්

මීතොටමුල්ල - යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමග)

කොලොන්නාව - යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)

නවගමුව - යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)

පැලවත්ත - යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)

යටදොලවත්ත - යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)

මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයකදි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනිකෝන් රථ 34ක්‍, බෝට්ටු 56ක් සමග 6500 පමණ භට පිරිස් සංඛ්‍යාවක් සුදානම් කර ඇති බව යුද්ධ හමුදාව පැවසීය.