ඉතාලි යුද නැවක් කොළඹ වරායට...

ඉතාලි යුද නැවක් කොළඹ වරායට...

October 10, 2024  

Bookmark and Share
ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (10) උදෑසන කොළඹ වරායට පැමිණියේය.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Multi Purpose Combat Ship වර්ගයට අයත් ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය හතලිස් තුනක් (143) හා නැව් මුළුව එකසිය පනස් දෙදෙනෙකුගෙන් (152) සමන්විත වේ.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Alessandro Troia සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින එම විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම, ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පැවැත්වෙන පුහුණු අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව, මෙම නිල සංචාරය අවසන් කරමින් ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව 2024 ඔක්තෝබර් මස 13 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.