කොටුවෙත් ගින්නක්

කොටුවෙත් ගින්නක්

October 31, 2023  

Bookmark and Share
කොළඹ කොටුව තරු පහේ හෝටලයක් අසල ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිවී තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ ගිනිනිවන රථ එම ගින්න මැඩපැවැත්වීම සඳහා යොමුකර ඇති බවය.

මේ අතර පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ඉකුත් 27 වනදා ගින්නක් හටගෙන තිබුණි.

රෙදිපිළි අලෙවිසැලක් මෙලෙස ගිනිගැනීමට ලක්වී තිබූ අතර, වෙළෙඳසැල විවෘත කර මඳ වේලාවකින් මෙම ගින්න හටගෙන තිබූ බව වාර්තා වුණි.