කොළඹට ආ අමුත්තා...

කොළඹට ආ අමුත්තා...

October 12, 2023  

Bookmark and Share
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා 2023 ඔක්තෝබර් මස 11 වන දින උදෑසන කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දුවූ Spearhead-Class Expeditionary Fast Transport වර්ගයට අයත් ‘Brunswick’ නෞකාව, දිගින් මීටර් 103 හා නැව් මුළුව 24ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ANDREW H PERETTI කටයුතු කරයි.

එමෙන්ම, එහි නැව් මුළුව දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළදී දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, ‘Brunswick’ නෞකාව 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.