මෙහෙයුම...

මෙහෙයුම...

September 30, 2023  

Bookmark and Share
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරුණි.

ඊයේ (29) දකුණු නාවික විධානය මගින් එම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමග ජල පහරට හසුවී ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මගින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගංවතුර අවධානම වැළැක්වීම සඳහා මෙම කටයුතු සිදුකර ඇත.