අස්වැන්න...

අස්වැන්න...

March 9, 2022  

Bookmark and Share
දඹුල්ල ප්‍රදේශයේ වගා කළ අර්තාපල් අස්වනු නෙළීම මේ දිනවල සිදුකෙරෙන බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කන්ද උඩරට ප්‍රදේශවල අර්තාපල් වගාකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට විකල්ප ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල අර්තාපල් වගා කිරීමේ හැකියාව සොයා බැලීමේ ආදර්ශ ගොවිපළ ආරම්භ කිරීම සිදුකර තිබුණි.

ඒ අනුව, එලෙස වගා කළ අර්තාපල් වගාවේ මංගල අස්වැන්න ගොවීන් විසින් නෙළීමේ කටයුතු ආරම්භ කර තිබුණි.

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)