සිරිපා කරුණාව...
December 18, 2021
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.
එමෙන්ම 2021 – 2022 ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ විය.
පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රීපාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.
අද අලුයම ශ්‍රීපාද පද්මයේදී දීපාලෝක පූජාව පවත්වා පුද සිරිත් පවත්වා ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කෙරුණි.
ශ්රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන ලෙසය.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)