රළු මුහුද ...

රළු මුහුද ...

September 12, 2021  

Bookmark and Share
ඊයේ (11) සවස ගාල්ල අවට මුහුදු ප්‍රදේශය දැඩි රළු ස්වභාවයක් පෙන්නුම් කළ බව අප වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් ධීවරයින් මුහුදු යෑමෙන් වැළකී සිටි බව ද වාර්තා වේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවය.

අද සවස් කාලය වන තෙක් එම ස්වභාවය පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.