එන්නත් තොගයක්...

එන්නත් තොගයක්...

June 9, 2021  

Bookmark and Share
චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ.

එම එන්නත් තොගයත් සමග මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 3.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

චීනයේ බීජිං නුවර සිට එන්නත් තොගය රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව "අද දෙරණ" වර්තාකරු පැවසුවේය.

එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීමට නියමිතය.

පසුගිය 06වන දින ද චීනයෙන් "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලිනයක් දිවයිනට රැගෙන විත් තිබුණි.

එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් ජන කණ්ඩායම් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ "සයිනොෆාම්" එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.