සීගිරිය...

සීගිරිය...

July 1, 2020  

Bookmark and Share
අද (01) දින සිට නැවතත් සීගිරිය දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස තුනකට පසුව මෙලෙස විවෘත වී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන සීගිරිය කෞතුකාගාරය සහ සීගිරි පව්ව තරණය කිරීම සඳහා අද සිට සෞඛ්‍ය ආරක්ෂිතව සංචාරකයන්ට ගමන් කළ හැකිය.

අද දිනයේ දේශීය සහ විදේශීය සංචාරකයන් ඉතා අඩු වශයෙන් පැමිණ සිටි බවත්, පාකිස්තාන ශ්‍රී ලංකා මහකොමසාරිස් මොහොමඩ් ශාෆිඩ් කටා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස සීගිරි නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

සීගිරිය නැරඹීම සඳහා දුර පළාත් කිහිපයක දේශීය සංචාරකයන් ද පැමිණ සිටිනු දැක ගැනීමට හැකි වු බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ඡායාරූප - කංචන ආරියදාස