දෙරණ ලිට්ල් ස්ටාර් සීසන්-10

දෙරණ ලිට්ල් ස්ටාර් සීසන්-10

June 28, 2020  

Bookmark and Share
ශ්‍රී ලාංකේය රූපවාහිනි ප්‍රාසාංගික වැඩසටහන් අතර විශිෂ්ඨ නමක් රැන්දූ "දෙරණ ලිට්ල් ස්ටාර්" 10 වන අදියරේ අවසන් මහා තරගය උත්කර්ෂවත්ව පැවැත්වුණි.

තරගකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් වසරකට වැඩි කාලයක් පැවැති මූලික තරග වට රාශියකින් අනතුරුව තරගකරුවන් 20 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ පැවැති අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබුණි.

වයස අවුරුදු 08න් පහළ සහ 12න් පහළ ගායන හා නර්තන අංශ වෙනුවෙන් පැවැති එම තරඟවලින් විනිශ්ච මණ්ඩලය විසින් දක්ෂතම පුංචි තරු තෝරාගත් අතර ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම පුංචි තරු තෝරා පත් කර ගැණුනි.

ඒ අනුව වයස අවුරුදු 08න් පහළ ගායන අංශයේ ජනප්‍රියම සහ දක්ෂතම පුංචි තරුව ලෙස බෙන්තර ප්‍රදේශයේ සිට පැමිණි සිහෙලි තූර්යා කිරුළු දිනා ගත්තේය.

එම කාණ්ඩයේ අනුශූරතාවය හිමි වූයේ මනුති නෙලුම්යා දැරියටයි.

වයස අවුරුදු 08න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම සහ දක්ෂතම පුංචි තරුව ලෙස ගාලේවෙල සිට පැමිණි ටලිෂි රිනෙත්මා අභිෂේක ලැබුවේය.

අනුශූරතාව තිසුන් ධනික විසින් දිනා ගත්තේය.

දොම්පේ සිට පැමිණි ධනිදු හිරුනෙත් අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස කිරුළ දිනා ගත් අතර එම අංශයේ දක්ෂතම පුංචි තරුව බවට පත් වූයේ හිඹුටාන සිට පැමිණි ඔවිරු සංදීරයි.

12න් පහළ ගායන අංශයේ අනුශූරතාව මවිෂා සංසදී දැරියට හිමි වුණි.

වයස අවුරුදු 12න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අනුරාධපුරයේ සිට පැමිණි චතුර නයනජිත් විසින් හිමිකර ගත්තේය.

මාතර සිට පැමිණි සාවින්දි නිර්මාණි එම අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙසත් විදුෂ සහත්සර එහි අනුශූරතාවයත් දිනා ගැනීමට සමත් වුණි.

ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ කුසලාන පිරිනැමු අතර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය පැවැත්වීම විශේෂත්වයකි.