නෑමක්...
November 28, 2019
වෙහෙරගල ප්රදේශයෙන් අද(28) අළුයම මාදුරුඔය ZD ප්රධාන ඇළට වැටී සිටි වන අලියෙකු පැය හතරක පමණ මෙහෙයුමකින් අනතුරුව පෙරවරු 10 පමණ ගොඩ ගෙන අලුත්ඔය රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කර තිබේ.
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුළු වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් ක්රියාත්මක කල මෙම මෙහෙයුමට ප්රදේශවාසින්ගෙද සහය හිමිවිය.
ZD ප්රධාන ඇළට වෙහෙරගල ප්රදේශයෙන් වැටී ඇති මෙම අලියා කිලෝමිටර් 7ක් පමණ ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇති බවත් ටයර් සහ කඹ , යකඩ දම්වැල් ආධාරයෙන් එම අලියා අලුත්ඔය ප්රදේශයෙන් ගොඩගත් බව වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා අප කල විමසිමක දී සඳහන් කළේය.
අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බවත් අද අළුයම ඉසඩ්.ඩී ඇලට වැටි සිටි මෙම අලියා දුටු ප්රදේශවාසින් අරලගංවිල පොලීසියට දැනුම් දි ඇති අතර අනතුරුව තමන් ඇතුළු වනජිවි නිලධාරින් එම අලියා ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කල බවද ශාන්ත මහතා කියා සිටියේය.
ඡායාරූප - ප්රසාත් සමන්