සංහාරය...
October 1, 2018
හම්බන්තොට බුන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්වයින් මිට දින දෙකක පමණ සිට විශාල වසයෙන් මිය යාමේ තර්ජනයකට ගොඳුරු වී තිබේ.
මෙම මසුන් මිය යැමේ තර්ජනය හේතුවෙන් බුන්දල වනෝද්‍යානයට පැමිණෙන කුරුල්ලන් හටද අවශ්‍ය ආහාර අහිමි වනවා සේම කලපුව තුළ මසුන් අල්ලමින් ජීවත්වූ ධීවර පවුල් දෙසීයකට වැඩ ප්‍රමාණයක සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් දැඩි සේ අසරණ තත්ත්වයට පත්වී තිබේ.
මිට දින හතරක පමණ සිට මෙම මසුන් මියයාම ආරම්භ වී ඇති අතර මේ වන විට බුන්දල කලපුවේ සිටින කුඩාම මසුන් විශේෂයේ සිට විශාල මසුන් මෙන්ම කුබුකුල් පැටවුන්ද මිය ගොස් ඇති බව ධීවරයෝ කියා සිටියේය.
අපහරණ ජලය කලපුවට එක්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව ධීවරයින් පෙන්වා දෙති.
පළමුවෙන් කලපුවේ ඇති ජලජ ශාක මැරි ගොස් ජලය රතුපැහැති වර්ණයක් ගත් බවත් ඉන් අනතුරුව මේ ආකාරයෙන් මසුන් මිය යෑම ආරම්භ වු බවත් ධීවරයෝ පෙන්වා දෙති.
වටිනා තෙත්බිම් පරිසරයක බුක්ති විදින්නේ මිනිසුන් පමණක් නොවේ වන සිවුපාවුන් මෙන්ම දෙස් විදෙස් කුරුල්ලන්ගේද ලැගුම් පොලක් වසෙන් ප්‍රසිද්ධ බුන්දල ජාතික උද්‍යානයේ ඇති බුන්දල කලපුවේ සිටින මසුන් ඇතුළු අනෙකුත් සතුන් මේ ආකාරයෙන් සංහාරයට පත්වීම බරපතළ කාරණයක් බවට අද වන විට පත්ව තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට ධීවර පවුල්වල සාමාජිකයින් 5000 ක් පමණ අසරණ තත්ත්වයට පත්ව සිටියි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී, බුන්දල ජාතික උද්‍යානයේ උද්‍යාන බාරකරුවන රණතුංග මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නාරා ආයතනය සමඟ එක්ව පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි.
ඡායාරූප - රාහුල් සමන්ත