මාපිය වන්දනා...

මාපිය වන්දනා...

April 17, 2018  

Bookmark and Share
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා මාපිය වන්දනා වැඩසටහනක් දඹුල්ල පහලවැව ගම්මානේ දී පසුගියදා පැවති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙහිදී අංශ දෙකක දී දෙමාපියන් වන්දනා කිරීම විශේෂත්වයක්ය.

එනම් වැඩිහිටි දෙමව්පියන් සහ දරුවන් වන්දනා කිරීම සහ කුඩා දරුවන් සිය දෙමව්පියන්ට වන්දනා කිරීම සිදුකර තිබේ.

එමෙන්ම වැඩිහිටියන් එකසිය දහ දෙනෙකුට සහ දරුවන් එකසිය දහ දෙනෙකුට ‍ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.

මෙම උත්සවයට සමගාමීව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ උත්සවය ද පහලවැව ගම්මානයේ දී සිදුකෙරිණි.

සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමියන් සහ සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ ජේෂ්ඨ කර්මාචාර්ය හල්මිල්ලවැව ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේලා මෙහිදී ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කිරීමෙන් අනතුරුව මාපිය වන්දනා වැඩසටහන සිදුකර තිබේ.

(ඡායාරූප - කාංචන ආරියදාස)