එන්නත්කරණ වැඩසටහන ඇරඹේ
January 29, 2021 09:18 am
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමේ උත්සවය අද (29) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ දී පැවැත්විණි.
එහිදි මෙරට පළමුව කොවිඩ් එන්නත ලබාදුන්නේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය.
පසුව එම රෝහලේ ප්‍රධාන විශේෂ හෙද නිලධාරිනී ගීතානි උඩුගමකෝරාළ මහත්මිය ද එන්නත ලබාදුනි.
එම එන්නත්කරණ වැඩසටහනට සමගාමී යුද හමුදා රෝහලේ දී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ද වැඩසටහනක් පැවැත්විය.
එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට එන්නත ලබාදීමට පියවර ගත්තේය.
ඒ අනුව බස්නාහිර පළාතේ තවත් රෝහල් 06කදී එන්නත්කරණ වැඩසටහන අද පෙරවරු 8.00 ට ආරම්භ කෙරුණු අතර කොළඹ ජාතික රෝහලේ ද ඒ අනුව කොවිඩ් - 19 මර්දන එන්නත්කරණ සිදුකළේය.