
කැටලෝනියාවේ ජාතික දිනය සමරමින් ලක්ෂ සංඛ්යාත පිරිසක් බාසිලෝනා නගරයේ වීථි වලට අවතීර්ණවී සිටියි.
කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් සහාය පල කරන දැවැන්ත රැළියක් බාසිලෝනා නගරයේදී පැවැත් විණ..
ඒ සඳහා කැටලොනියානු වැසියන් ලක්ෂ ගණනක පිරික් සහභාගිවී සිටියාය.
සැප්තැම්බර් 11වන දිනට යෙදී ඇති කැටලෝනියානු ජාතික දිනයට සමගාමිව මෙම රැළිය සංවිධාන කර තිබුණේය.
ස්පාඤ්ඤයෙන් නිදහස්වීම සඳහා දරණ ලද උත්සහය අසාර්ථක වීමෙන් අනතුරුව කැටලෝනියානු දිනය සමරන පළමු අවස්ථාවද මෙයයි.
සිරගත කර සිටින කැටලොනියානු නායකයින් නිදහස් කරන ලෙසත් විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියාය.
එමෙන්ම පිටුවහල් කර සිටින තම නායකයින්ට යළි කැටලෝනියාවට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිට ඇති බවත් සඳහන් වේ.



















































