චීනය ගැන පිලිපීනයෙන් සහ තායිවානයෙන් මැසිවිලි
සයුරෙන් එතෙර

චීනය ගැන පිලිපීනයෙන් සහ තායිවානයෙන් මැසිවිලි

May 3, 2024   12:53 pm

චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් පිලිපීනය සහ තායිවානය දිගින් දිගටම චෝදනා එල්ල කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත්දා දකුණු චීන මුහුදේදී එල්ල වූ ජල ප්‍රහාරයක් සහ එම මුහුදු කලාපය භාවිත කිරීමට ඉඩ නොදෙන බව පවසමින් මේ දිනවල පිලිපීනය චීනයට චෝදනා එල්ල කරමින් සිටී.

මෙවන් පසුබිමක් තුළ තායිවානය පවසන්නේ චීනය සිය ගුවන් කලාපය සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවය.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අද පැවසුවේ ඊයේ දිනයේදී එරට වේලාවෙන් උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා චීන හමුදා ගුවන් යානා 26 ක් සිය දිවයින ආසන්නයෙන් පියාසර කළ බවය.