පාකිස්තානයේ ඇතිවූ ජල අර්බුදය
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇතිවූ ජල අර්බුදය

May 2, 2024   05:38 pm

පාකිස්තානයේ කරච්චි නගරය දැඩි ජල අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ කරච්චි වැසියන්ට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබෙන බවය.

දිනයේ ඇතැම් අවස්ථාවල නළ ජලය නොලැබෙන බවත්, ඇතැම් අවස්ථාවල ජලය ලැබුණද ඒවා භාවිත කිරීමට සුදුසු තත්ත්වයේ නොමැති බවත් කරච්චි වැසියන් චෝදනා කර ඇත.

ඒ, ඔස්සේ නගරය තුළ පවතින සෞඛ්‍ය ගැටලු ද ඉහළ යමින් ඇති බවට කරච්චි වැසියන් චෝදනා නගයි.