චීනය ගැන අමෙරිකාවෙන් අනාවැකියක්
සයුරෙන් එතෙර

චීනය ගැන අමෙරිකාවෙන් අනාවැකියක්

April 26, 2024   08:14 am

2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන්  චීනය ඉලක්කයක පසුවන බව අමෙරිකාව පවසයි.

අමෙරිකාවේ ඉන්දු පැසිෆික් විධානයේ අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කරයි.

සිය ජපාන සංචාරය අතරතුරදී අමෙරිකානු ආරක්ෂක නිලධාරියා මෙම අදහස් පළ කර තිබේ.

ආර්ථික ගැටළු රැසකට මුහුණ පා සිටියදීත් සිය හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට චීනය මුදල් වෙන් කරමින් සිටින බවද එම වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම යුක්‍රේන යුද්ධයේදී චීනය රුසියාව වෙත අඛණ්ඩව ආයුධ සපයන බවට ද අමෙරිකානු ආරක්ෂක නිලධාරියා චෝදනා කරයි.