යුරෝපා සංගමයේ අලුත් කාර්ය මණ්ඩලය
සයුරෙන් එතෙර

යුරෝපා සංගමයේ අලුත් කාර්ය මණ්ඩලය

September 11, 2019   10:24 am

යුරෝපා සංගමයේ මීළඟ නිලධාරී මණ්ඩලය පත්කර තිබේ.

එය සැලකෙන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ යුරෝපා සංගමය නියෝජනය කළ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ඉහළම කාර්ය මණ්ඩලය ලෙසයි.

යුරෝපා සංගමයේ ඉදිරි නිලධාරී මණ්ඩලය නම්කිරීමට එහි නව සභාපතිනී උරුසුලා වොන්ඩර් ලෙයින් කටයුතු කළේය.

නව නිලධාරී මණ්ඩලය කාන්තාවන් දහතුන් දෙනෙක් හා පුරුෂයන් දහ හතරදෙනෙකුගෙන් සමන්විතයි.

ඒ අනුව යුරෝපා සංගම් ඉතිහාසයේ වඩාත් විවිධත්වයෙන් යුතුම නිලධාරී මණ්ඩලය මෙවර පත්ව ඇති බවයි විදෙස් පුවත් පවසයි.

යුරෝපා සංගමයේ අනාගතය ඉතාමත් අභියෝගාත්මක වන අතර බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හා අභියෝගාත්මක කාලගුණ විපර්යාස මේ අභියෝග අතරින් කිහිපයක්.

කෙසේ නමුත් නව නිලධාරී මණ්ඩලය දිවුරුම්දීමට පෙර දින බ්‍රෙක්සිට් වැඩපිලිවෙල ක්‍රියාත්මකවීමට නියමිතයි.

එහෙත් එය කල්යන ලකුණු පෙනී යන බැවින් නව නිලධාරී මණ්ඩලයට වඩාත් කාර්යබහුල කාලයක් උද්ගතවනු ඇති බව විචාරකයන් පවසයි.

යුරෝපා සංගමයේ කොමිසම් මූලස්ථානය බෙල්ජියමේ බ්‍රසල්ස් හි පිහිටුවා තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල යුරෝපා සංගම් නීති සම්පාදනය හා ගිවිසුම් සකස්කිරීම ඊට පැවරී ඇති වගකීම් අතරින් කිහිපයක්.

නීති සම්පාදනය කිරීමේ බලය ඇති එකම යුරෝපානු ආයතනයද එයයි.