අශූරා උත්සවය අතර තෙරපී 31ක් මරුට
සයුරෙන් එතෙර

අශූරා උත්සවය අතර තෙරපී 31ක් මරුට

September 11, 2019   08:24 am

ෂියා ඉස්ලාමීය ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 31දෙනෙක් මියගොස් තිබේ.

මේ පුවත වාර්තා වුණේ ඉරාකයේ කෙර්බාලා නගරයෙන්.

ඉරාකයේ පැවැත්වෙන අශූරා ආගමික උත්සවය අතරතුර පුද්ගලයින් 31දෙනෙක් මියගොස් ඇතැයි ඉරාක සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එහිදී තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් ද තුවාල ලබා ඇති බවට සදහන්.

උත්සවය අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් අදාළ පිරිස අනතුරට පත්ව ඇතැයි මෙහිදී වාර්තා වේ.

අශූරා උත්සවයේ එක් අංගයක් වන තුවයිරිජ් දිවීම යන ඉසව්ව අතරතුර මෙම තෙරපීම සිදුව ඇති බව සදහන්.

ප්‍රකට ෂියා දේවස්ථානයක් වන ඉමාම් හුසෙයින් දේවස්ථානය වෙත යොමුවන මාර්ගය ඔස්සේ දිවයාම මෙහිදී සිදු වේ.

7වැනි සියවසේ සිට පැවත එන මෙම සම්ප්‍රදාය ඉටුකිරීම ඉතාමත් ගෞරවණීය කටයුත්තක් ලෙසින් ෂියා ඉස්ලාමීයයන් සලකයි.

ඒ අතරතුර සෑම වසරකම පාහේ මෙවන් අනතුරු වාර්තා වන බව විදෙස් පුවත්වල සදහන්.

ෂියා ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව මුහම්මද් තුමාගේ මුණුබුරා වන අමීම් හුසෙයින් මියයාම සංකේතවත් කරමින් අශුරා උත්සවය පැවැත් වේ.

හුසෙයින් 680 වසරේදී සිදුවූ යුද්ධයකදී මියගිය බවට සදහන්.

මේ වෙනුවෙන් ඉරාකයේ කෙර්බාලා නගරයේ පැවැත්වෙන ශුද්ධ වූ උත්සව වලට එක්වීමට ෂියා ඉස්ලාම්වරුන් සෑම වසරක ඉරාකය වෙත පැමිණෙයි.