අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි

අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි

September 10, 2019   11:33 am

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත් වීමට නියමිත අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයට,සිව්වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටෙස්ට් සංචිතයම නම් කර තිබේ.

මේ වන විටත් අළුබඳුන ටෙස්ට් ශූරතාව හිමි කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත තරගාවලිය 2ට 1ක් ලෙස ඕස්ට්‍රේලියාව මේ වන විටත් පෙරමුණ ගෙන සිටින අතර අළුබඳුන ශූරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ.

එංගලන්තය 2001 වසරේ සිට තම මව් බිමේ පැවති අළුබදුන ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැති අතර පරාජයට පත්වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඒ අනුව අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන්ද,සිව්වන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අතර එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් උරහිසේ ආබාධයක් නිසා අවසන් ටෙස්ට් තරගයේදී පන්දු නොයවන බව වාර්තා වෙයි.

අවසන් ටෙස්ට් තරගය මෙම බ්‍රහස්පතින්දා ආරම්භ වන අතර ඕවල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීමට නියමිතයි.