ලෙකීමා සුළි කුණාවෙන් මියගිය ගණන ඉහළට
සයුරෙන් එතෙර

ලෙකීමා සුළි කුණාවෙන් මියගිය ගණන ඉහළට

August 12, 2019   02:31 pm

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 32 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයන් 16 දෙනෙකු පමණ තවමත් අතුරුදන්වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් චීනයේ නැගෙනහිර වෙරළාසන්න කලාපයට දැඩි බලපෑම් එල්ල වුණි.

මේ හේතුවෙන් මිලියනයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර ඇති බවයි බලධාරීන් පවසයි.

සැඩ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් ගොඩනැගිලි රැසක්ද විනාශ වී ඇත.

වර්ෂාවත් සමග ප්‍රදේශ රැසකම නායයෑම් සිදුව තිබුණි.

එමෙන්ම ජලාශයක වේල්ලක් කැඩී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 50කට අධික පිරිසක් මියගියේය.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පිරිස මිලියන පහ ඉක්මවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය සහන සේවා මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

සුළි කුණාටුව මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් සඳහන් කළේය.