
ගෝතමාලාවේ ජනාධිපතිවරයා වශයෙන් ඇලිජන්ඩ්‍රෝ ජියාමටෙයි තේරී පත් වි තිබේ.
හිටපු බන්ධනාගාර ප්‍රධානියා වන ඇලිජන්ඩ්‍රෝ කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් සියයට 59ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.
මධ්‍යම වාමාංශික ප්‍රතිවාදී පක්ෂයේ අපේක්ෂකයා වන සැන්ඩ්‍රා ටොරිස් සියයට 41ක ඡන්ද ප්‍රතිශතයක් මේ වනවිට ලබා සිටින බවයි වාර්තා වේ.
දැනට සියයට 95ක ඡන්ද ප්‍රමාණයක ප්‍රතිඵල නිකුත් කර ඇත.



















































