ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ශෙෂාඩ්ට තරග තහනමක්

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ශෙෂාඩ්ට තරග තහනමක්

August 11, 2019   02:49 pm

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මොහොමඩ් ශෙෂාඩ්ට තහනමක් පැනවීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඔහුට මෙම තහනම පනවා ඇත්තේ ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර රටින් පිටවීම හේතුවෙන්.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති අනුව යම් ක්‍රීඩකයෙකු විදෙස්ගත වන්නේ නම් ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනය දැනුවතක් කිරීම අනිවාර්යය වෙයි.

නමුත් මොහොමඩ් ශෙෂාඩ් ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර පාකිස්තානය බලා ගොස් තිබේ.

එම නිසා ඔහුට තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ෂෙශාඩ් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරග 40කදී  ලකුණු  2727ක් රැස් කර ඇති අතර විස්සයි විස්ස තරග වෙනුවෙන් රැස් කර ඇති  ලකුණු සංඛ්‍යාව 1936ක්.

බංග්ලාදේශය සමග සැප්තැම්බර් 9 වැනිදා ටෙස්ට් තරගයක් ආරම්බ වීමට නියමිත පසුබිමක මොහොමඩ් ශෙෂාඩ් වැනි ක්‍රීඩකයෙක්ට මෙවැනි තරග තහනමක් පැනවීම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කන්ඩායමට අවාසි සහගත බවයි ක්‍රිකට් විචාරකයන් පවසයි.