
මියන්මාරයේ රඛායින් පළාතේ අවතැන්ව සිටින ජනතාවට ඉන්දීය රජය විසින් නිවාස 250ක් පිරිනමා ඇත.
එම නිවාස ඉදිකර තිබෙන්නේ රඛායින් පළාතේ පිහිටි මවුන්ඩෝ ගම්මානයේයි.
මවුන්ඩෝ ගම්මානයේ ඉදිරි කරන ලද නිවාස ජනතා අයිතියට පත්කෙරුණේ ඉකුත් අගහරුවාදා දිනයේයි.
එම අවස්ථාවට මියන්මාරයේ සමාජ සුබසාධන ඇමති වින් මියත් ඒ සහ මියන්මාරයේ ඉන්දියානු තානාපති සවුරබ් කුමාර් එක්ව සිටියේය.
රඛායින් පළාතේ ගැටුම් වලින් අවතැන්ව සිටින ජනතාව යලි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස පිරිනමා තිබුණි.
එහිදී හින්දු, මුස්ලිම් හෝ වෙනත් කිසිදු බේදයක් නොසලකා නිවාස පිරිනැමීම සිදුකළ බව සමාජ සුබසාධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්දියාව, ජපානය හා චීනය සමඟ එක්ව තවත් මෙවැනි ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පවසා තිබුණි.
කෙසේ නමුත් අවතැන්ව සිටින රෝහින්ග්‍යා ජාතිකයන් කිසිවකුටත් මෙම ව්‍යාපෘතියෙන් නිවාස නොලැබුණු බව එම ජනතාව පවසයි.
රඛායින් පළාතේ අවතැන්ව සිටින ජනතාවලේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික ඇතුළු අවශ්‍යතා රැසක් සම්පූර්ණ කිරීම සඳහා ඉන්දියාව සමඟ එක්ව 2017 වර්ෂයේ සිට ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීමට දෙරටේම එකඟත්වය පල වී තිබුණි.
ඉන් ඒ ව්‍යාපෘතියක් ලෙසයි මෙම නිවාස 250 ඉදි කර ජනතාව වෙත ලබාදීම සිදුකර තිබෙයි.



















































