මඩ නෑමක්
සයුරෙන් එතෙර

මඩ නෑමක්

May 14, 2019   06:26 pm

ලොව පුරා බොහෝ රටවල ජනතාව අතර මඩ ධාවන තරග අතිශයින් ජනප්‍රියයි.

එවැනි තරගයක් පිළිබඳව මේ පුවත වාර්තා වුණේ බ්‍රිතාන්‍යයෙන්.

වාර්ෂික මෝල්ඩන් මඩ ධාවන තරගය මෙවරත් බ්‍රිතාන්‍යයේ එසෙක්ස් හි මෝල්ඩන් නගරයේදී පැවැත්විය.

මෙවර ඒ සඳහා තරගකරුවන් 300ක් පමණ සහභාගි වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

තරගය නැරඹීට විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටියේය.

තරගය අවසන් වන විට ඇතැම් තරගකරුවන් සම්පූර්ණයෙන්ම මඩවලින් නැහැවී ගොස් සිටි ආකාරයත් දක්නට ලැබුණි.

මෙම ඉසව්වේ පිරිමි අංශයෙන් මෙවර ජය හිමි කරගත්තේ ක්‍රිස්ටෝපර් ලී. 

ෂැනොන් රොස්වෙල් එහි කාන්තා අංශයේ ජය හිමිකර ගත්තේය.

මෝල්ඩන් වාර්ෂික මඩ ධාවන තරගය පළමු වරට ආරම්භ කර තිබෙන්නේ 1973 වර්ෂයේයි.

ඉන් ලැබෙන මුදල් පුණ්‍ය කටයුතු සඳහා යොදවන බව විදෙස් වාර්තාවල සඳහන්.