අයි.පී.එල් අවසන් මහා තරගය හෙට

අයි.පී.එල් අවසන් මහා තරගය හෙට

May 11, 2019   11:18 am

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර හෙට (12) පැවැත්වීමට නියමිතව ඇත.

හයිද්‍රාබාද්හිදී එම තරගය පැවැත්වීමට නියමිතය.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙන්ම මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා තුන බැඟින් අයි.පී.එල් ශුරතාව හිමිකර ගෙන තිබීම විශේෂත්වයකි.

එමෙන්ම අයි.පී.එල් තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව හිමිකර ගත් කණ්ඩායම් දෙක බවට ද මුම්බායි හා චෙන්නායි කණ්ඩායම් පත්ව ඇත.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2013, 2015 සහ 2017 වසර වලදී ශූරතාව හිමිකර ගත්තේය.

2010, 2011 සහ 2018 යන වසර වලදී අයි.පී.එල් ශුරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණි.