චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහා තරගයට

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහා තරගයට

May 11, 2019   09:33 am

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

ඒ ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ පැවැති තරගය ජයගැනීමත් සමඟය.

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර විශාඛාපට්නම් හිදි ඊයේ රාත්‍රි පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට වාරය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබා දුන්නේය.