ඩොල්ෆින් නිසා බලපෑම් එල්ල වූ චීනයේ ෂෙජියැං පළාතට එරට රජයෙන් යුවාන් මිලියන 200ක්
August 11, 2026 10:42 am
ඩොල්ෆින් සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ චීනයේ ෂෙජියැං පළාතේ ප්‍රතිසංස්කරණ කරන කටයුතු සඳහා එරට රජයෙන් යුවාන් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ.
කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වී ඇති මාර්ග, පාසල් සහ රෝහල් ඇතුළු පොදු සේවා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් මෙම මුදල් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් එරට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ ඩොල්ෆින් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තවදුරටත් ෂෙජියැං, ජියැංසු, අන්හුයි, හෙනාන් සහ හුබෙයි පළාත්වලට ධාරානිපාත වර්ෂාවක් ලැබෙනු ඇති බවය.
