ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඉඟියක්
August 10, 2026 12:09 pm
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ එහි ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී ඊයේ (09) දිනයේ පැවැත්විණි.
ඒ සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි අතර සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු ඊට ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
