පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග හතරක් අවසන් 

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග හතරක් අවසන් 

June 28, 2026   09:52 am

2026, පාපන්දු ලෝක කුසලාන තරගවලියේ මූලික වටයේ තරග හතරක් මේ වනවිට නිමාවට පත්ව තිබේ. 

එහි 'L' කාණ්ඩයේ පැනමා කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. 

මේ අතර එම කාණ්ඩයේ ඝානාව සමඟ පැවති තරගය ක්‍රෝඒෂියාව ගෝල දෙකට එකක් ලෙස ජයගන්නා ලදී. 

'K' කාණ්ඩයේ කොලොම්බියාව සහ පෘතුගාලය අතර පැවති තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. 

එම කාණ්ඩයේ උස්බෙකිස්ථානය සමඟ පැවති තරගය ගෝල එකට තුනක් ලෙස ජයගැනීමට කොංගෝ රාජ්‍ය සමත්විය.