වෙට්ටුමකඩ ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
June 3, 2026 10:14 am
කළුතර වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කළුතර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකදීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 වන සම්පත් කුමාරතුංග නොහොත් 'බෝංචියා' යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකි.
අදාළ සැකකරු පිළිබඳව මාලිගාවත්ත අවට ප්‍රදේශවල ආවේෂණ කැමරා නිරීක්ෂණයෙන් අනතුරුව ලද තොරතුරකට අනුව මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු හෙරොයින් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකි.
සැකකාර වෙඩික්කරු අද (03) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා රැඳවූම් නියෝග ලබා ගැනීමට නියමිතය.
ඉකුත් 28 වනදා උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.
