ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්
May 19, 2026 11:10 am
ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවය.
එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින් දැක්වේ.
මෝටර් රථය - ලීටර් 25 ක්
ත්‍රීරෝද රථ - ලීටර් 20ක්
වෑන් රථ - ලීටර් 50ක්
යතුරුපැදි - ලීටර් 8ක්
බස් රථ - ලීටර් 100
ඉඩම් වාහනය - ලීටර් 40ක්
ලොරි රථ - ලීටර් 200ක්
විශේෂ කාර්ය වාහනය - ලීටර් 40ක්
